ජල බිල්පත් ගාස්තු ඉහළ දැමීමට රජය අපේක්ෂා කරන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකරන චෝදනා අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ජල බිල්පත් ගාස්තු වැඩි කිරීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත්, එම චෝදනා පදනම් විරහිත බවත් ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ 19 වන වාර්ෂික මහ සමුළුවට සහභාගී වෙමිනි. “වැඩකරමු රට හදමු” යන තේමාව යටතේ පැවැති මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ද එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේදී රට තුළ පානීය ජල පුනරුදයක් ඇති කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි. එමගින් රටේ සියලුම ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක ජල සැපයුමක් ලබා දීමට රජය අපේක්ෂා කරයි.
















