ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඒකාබද්ධව සකස් කළ ‘2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ (NEDP) එළඹෙන ජූනි 16 වන දින නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය.
රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා රට යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ මූලික අරමුණයි. 2030 වර්ෂය වන විට වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනය තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 36ක ආදායමක් උපයා ගැනීම මෙම සැලැස්මේ ප්‍රධාන ඉලක්කය වේ.
මෙම සැලැස්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු පහත දැක්වේ:
මෙය 2025 අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ අතර, කැබිනට් මණ්ඩලයේ අනුමැතියද මේ වන විට හිමිව තිබේ. අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීම, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ අපනයන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සඳහා මෙය මූලික රාමුවක් ලෙස ක්‍රියා කරයි. සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ මෙහෙයුම් කමිටුවක් සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය සහ මගපෙන්වීම යටතේ මෙම උපායමාර්ගික රාමුව සකස් කර ඇත.
















