හොරණ මහජන බැංකුවේ ATM යන්ත්‍ර සඳහා තැන්පත් කිරීමට ගෙන යමින් තිබූ රුපියල් කෝටි තුනහමාරක (3.5) මුදල් මලු දෙකක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ එම බැංකුවේ සේවය කළ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකි. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ විමර්ශනවල ප්‍රගතිය මතය.
පසුගිය ජූනි 03 වන දින පස්වරු 2:55ට පමණ බැංකු සේවකයෙකු විසින් ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රුපියල් කෝටි 3.5ක මුදල් මලු දෙකක් රැගෙන යමින් සිටියදී, පුද්ගලයෙකු පැමිණ එම මුදල් මලු බලහත්කාරයෙන් පැහැරගෙන පලා ගොස් තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.
















