මැට් ලිප්ස්ටික් (Matte Liquid Lipstick) භාවිත කරන විට බොහෝ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වන්නේ තොල් වියළී යාමයි. කෙසේ වෙතත්, රූපලාවන්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ නම්, වියළි තොල් ඇති අයට පවා මැට් ලුක් එකක් පහසුවෙන් සහ ආරක්ෂිතව ලබාගත හැකි බවයි.
මැට් ලිප්ස්ටික් ගෑමට පෙර තොල්වල ඇති මැරුණු සම ඉවත් කිරීම ඉතා වැදගත් වේ. සතියකට වරක් හෝ දෙවරක් මෘදු ලිප් ස්ක්‍රබ් එකක් භාවිත කිරීමෙන් තොල්වල පෘෂ්ඨය සිනිඳු කරගත හැක. මැට් ලිප්ස්ටික් එකක් ගෑමට විනාඩි 10කට පෙර හොඳ තත්ත්වයේ ලිප් බාම් (Lip Balm) එකක් ආලේප කිරීමෙන් තොල්වලට අවශ්‍ය තෙතමනය ලබා දී ලිප්ස්ටික් එක තොල් මත තැවරීම පහසු කරයි. වෙළඳපොළේ ඇති ‘Hydrating’ හෝ ‘Vitamin E’ වැනි තෙතමනය රඳවා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු මැට් ලිප්ස්ටික් වර්ග තෝරා ගැනීමට වගබලා ගන්න. ලිප් බාම් එක ආලේප කර එය තොල්වල හොඳින් උරාගත් පසු, අතිරික්ත තෙතමනය ටිෂූ එකකින් මෘදු ලෙස පිස දමා ඉන්පසුව ලිප්ස්ටික් එක ආලේප කිරීමෙන් දිගු වේලාවක් මැට් පෙනුම රඳවා ගැනීමට හැකියාව ලැබේ.
මෙම සරල පියවර අනුගමනය කිරීමෙන් ඔබේ තොල්වලට හානියක් නොවී, දිගු කාලයක් පවතින අලංකාර මැට් පෙනුමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ.
















