මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ ඇගේ සැමියා විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් දේපළක් අක්‍රීය කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පියවර ගෙන තිබේ.
පොලිස්පතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත. අදාළ කාන්තාව සහ ඇගේ දෙවන විවාහයේ සැමියා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා තොටලග ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ තෙමහල් නිවස මෙලෙස අක්‍රීය කරනු ලැබීය.
මෙම අක්‍රීය කිරීමේ නියෝගය අද (05) සිට දින 7ක කාලයක් සඳහා වලංගු වේ. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී.
















