ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් (Official Reserve Assets) ප්‍රමාණය 2026 මැයි මාසය තුළදී සියයට 1.6ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මහ බැංකු දත්තවලට අනුව, පසුගිය අප්‍රේල් මාසය අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.766ක් ලෙස සටහන් වී තිබූ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය, මැයි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.873ක් දක්වා ඩොලර් මිලියන 107කින් පමණ ඉහළ ගොස් ඇත. චීන මහජන බැංකුව (PBOC) වෙතින් මෙරටට ලැබී ඇති ද්විපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු පහසුකම (Swap Facility) යටතේ ලැබුණු මුදල් ද මෙම සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය ගණනය කිරීමේදී ඇතුළත් කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මැදපෙරදිග පවතින භූ-දේශපාලනික බලපෑම් මධ්‍යයේ වුවද මෙරට බාහිර මූල්‍ය අංශයේ ස්ථාවරත්වය රඳවා ගැනීමට මෙම වර්ධනය ඉවහල් වනු ඇත.
















