කිසිදු බාධාවකින් තොරව නිසි ක්‍රමවේදයකට අනුව අඛණ්ඩව පුහුණුවීම්වල නිරත වීම, මෙරට බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයෙකු වන රුමේෂ් තරංගගේ අතිදැවැන්ත සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව බව ඔහුගේ පියා වන පී.ටී. ප්‍රේමකීර්ති මහතා පවසයි. ඉතාලියේ රෝම නුවර පැවැති කීර්තිමත් ‘ඩයමන්ඩ් ලීග්’ (Rome Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී ඊයේ (04) මීටර 92.97 ක අදහාගත නොහැකි දක්ෂතාවයක් දක්වමින් රුමේෂ් තරංග රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ සමස්ත ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ 08 වන ඉහළම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව (8th Best All-Time Throw) ශ්‍රී ලංකාව සතු කිරීමට මෙම යොවුන් ක්‍රීඩකයා සමත් වී තිබේ. රටට අතිමහත් කීර්තියක් අත්කර දුන් රුමේෂ්ගේ මෙම ජයග්‍රහණය පසුපස පැවති කැපවීම සහ විනයගරුක පුහුණුව පිළිබඳව ඔහුගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස ආඩම්බරයෙන් සිහිපත් කළේය.
















