වැල්ලවාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු විශාල ගංජා වගාවක් සොයා ගැනීමට පොලිසිය සහ යුද හමුදා බුද්ධි අංශ සමත් වී තිබේ.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි. එහිදී අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක ඉතා සරුවට වගා කර තිබූ ගංජා ගස් විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
වැටලීම සිදු කරන අවස්ථාවේ වගාවේ සිටි සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ. සොයාගත් සියලුම ගංජා ගස් නීතියට අනුකූලව එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශ ඒකාබද්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















