අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකළ විමර්ශනයකදී, සංචාරක ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරන ලද යුරෝ 90,860ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 25කට අධික) වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශිකයෙකු විසින් ලබාදුන් පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව 2026 ජූනි 05 වන දින බෙන්තොට ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි බෙන්තොට ප්‍රදේශයේ පදිංචි සංචාරක මඟපෙන්වන්නෙකි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබයි.
















