කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීම් තුනකින් අයිස් (ICE) මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම් 2026 ජූනි 05 වන දින කටුනායක පොලිස් වසමේ ආඬිඅම්බලම, කටුනායක සහ හීනටියන යන ප්‍රදේශවලදී සිදුකර ඇත. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 23ක්, මිලිග්‍රෑම් 700ක් සහ ග්‍රෑම් 03ක් ලෙස මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 30, 31 සහ 33 යන වයස්වල පසුවන ආඬිඅම්බලම, වත්තල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















