නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිස් ස්ථානයේ මුදල් සහ මුදල් පොත් පරීක්ෂා කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී, එම මුදල් සේප්පුවේ යතුරත් රැගෙන පොලිස් ස්ථානයෙන් පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පවසන්නේ අදාළ සැරයන්වරයා රාජකාරි කටයුතු පැහැර හරිමින් මෙලෙස පලාගොස් ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සහ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.
















