පහළොස්පත්තුව අරඹකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පහළොස්පත්තුව පොලිසිය පවසයි. අද (2026.06.07) අලුයම් කාලයේදී මෙම සිද්ධිය වාර්තා වී ඇත.
මියගිය පුද්ගලයා අවුරුදු 49ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු සහ ඔහුගේ බිරිඳ අතර නිවසේදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
සිද්ධිය වූ ස්ථානය පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා කටයුතු යොදා ඇත. පහළොස්පත්තුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















