ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය 19 හැවිරිදි විදේශීය ජාතිකයෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී, එම වෙරළ තීරයේ රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව බේරාගෙන ඇත. 2026 ජූනි 06 වන දින උදෑසන කාලයේ මෙම සිද්ධිය වාර්තා විය.
එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණ සිටි මෙම සංචාරකයා දියේ ගිලීමෙන් අනතුරුව, එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු ගොඩට ගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කර ඇත. පසුව ඔහු ආරක්ෂිතව ඔහුගේ සමීපතමයන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
















