ස්පාඤ්ඤයේ නිල සංචාරයක නිරත වන ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ විසින් අද (07) මැඩ්රිඩ් අගනුවරදී පවත්වන ලද එළිමහන් දේව මෙහෙය සඳහා මිලියන 1.2ක අතිවිශාල ජනකායක් සහභාගී වී තිබේ.
මෙම සුවිශේෂී ආගමික අවස්ථාව සඳහා ස්පාඤ්ඤයේ 6 වන ෆෙලිපේ රජු සහ ලෙටිසියා රැජින ද සහභාගී වීම විශේෂත්වයකි.
පසුගිය දින (06) සවස, රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජයට අයත් ‘සාන්තියාගෝ බර්නාබියු’ ක්‍රීඩාංගණය ආසන්නයේදී ද පාප් වහන්සේ විසින් විශේෂ යාඥා මෙහෙයක් පවත්වන ලද අතර, ඒ සඳහා ලක්ෂ 5කට අධික ජනතාවක් එක්ව සිටියහ.
















