ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව වන ‘සමුද්‍රවිජය’, ජනාධිපතිවරයා අතින් නාවික හමුදා සේවයට නිල වශයෙන් එක් කරන ලදී. මෙම උත්සවයෙන් අනතුරුව අදාළ නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ නැංගුරම් ලා ඇති අයුරු දැකගත හැකිය.
















