රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා පවසා සිටියේ ඉදිරි වසර පහ ගතවන විට ගොවි ජනතාව ඇතුළු රටේ සෑම ජන කොටසක්ම මෙම පාලනය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කරනු ඇති බවයි. සමහර පාර්ශ්වයන් තුළ තවමත් දෙගිඩියාවක් පැවතියද, ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වනු ඇති බවද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
















