ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන පාද යාත්‍රාව සඳහා කුමන සහ යාල ජාතික වන උද්‍යාන ලබන ජූලි මස 10 වැනිදා බැතිමතුන් වෙනුවෙන් විවෘත කරන බව බස්නායක නිලමේ තිළිණ මදුසංක මහතා සඳහන් කරයි. ඒ අනුව ජූලි මස 10 වැනිදා සිට ජූලි මස 24 වැනිදා දක්වා කාලය තුළ මෙම වන උද්‍යාන බැතිමතුන් වෙනුවෙන් විවෘතව පවතිනු ඇත.
මෙවර පාද යාත්‍රාව සඳහා බැතිමතුන් පනස් දහසක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව කඳවුරු භාර නිලධාරී, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත මහතා ප්‍රකාශ කළේය. පාද යාත්‍රාවට එක්වන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ යටිතල පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු යොදා තිබේ.
















