ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ‘ඇසිදිසි ජනමාධ්‍ය’ සහ ‘ඇසිදිසි – තාක්ෂණික’ ශිෂ්‍යත්ව වැඩසටහන් 2026 වසර සඳහා සාර්ථකව ආරම්භ කර තිබේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් දායක කර ගැනීමට බලාපොරොත්තු වේ.
වෘත්තීය මට්ටමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනය කිරීම සහ ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් මාලාව මේ වන විටත් සාර්ථකව ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් මගින් මාධ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික දැනුම සහ වෘත්තීය කුසලතා ඔප්නැංවීම සඳහා අවශ්‍ය පුහුණුව හා අවස්ථාවන් මාධ්‍යවේදීන්ට හිමිවනු ඇත. අදාළ ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන්ට මේ හරහා සිය වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීමට අවස්ථාව උදාවේ.
















