පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී සිදුවූ ඡන්ද පත්‍රිකා හිඟය, ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දකුණු කොරියාව සතු කීර්ති නාමයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් (Lee Jae Myung) මහතා සඳහන් කරයි. ඡන්ද විමසීමේ සාධාරණත්වය ප්‍රශ්න කරමින් සිදුවන විරෝධතා තමන් අගය කරන බව පැවසූ ජනාධිපතිවරයා, ජූනි 3 වැනිදා සිදුවූ මෙම සිදුවීම ඉතා හාස්‍යජනක මෙන්ම කණගාටුදායක තත්ත්වයක් බව සිය ධුර කාලයේ පළමු වසර සැමරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
ඡන්ද පත්‍රිකා ලැබෙන තෙක් ඡන්ද දායකයින්ට පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අඩු දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක ජනතාවට පවා ඡන්ද පත්‍රිකා නොමැති වීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම සිතාගත නොහැකි කාරණයක් වන බවයි. මෙම අර්බුදය ඉතා කම්පන සහගත එකක් බව ද ජනාධිපති ලී ජේ මියුන්ග් වැඩිදුරටත් අවධාරණය කළේය.
















