අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ ආරක්ෂාව සහ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයට දැඩි අනතුරු ඇඟවීමක් කිරීමට දේශපාලන ක්‍රියාකාරී සුගීෂ්වර බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ. සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන සිටින ස්ථානය තුළ ඔහුගේ ජීවිතයට හෝ සෞඛ්‍යයට යම් හානියක් සිදු වුවහොත්, රටේ සමස්ත දේශප්‍රේමී ජනතාව ඊට එරෙහිව වීදි බසින බව ඔහු අවධාරණය කරයි.සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින තත්ත්වය සහ ඒ වටා ගොඩනැඟෙමින් පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියේ, මෙම ක්‍රියාවලිය දේශපාලන පළිගැනීමක් හෝ යටි අරමුණක් සහිතව සිදුවන්නක් බවට සැකයක් පවතින බවයි. බුද්ධි අංශ ප්‍රධානීන් මෙලෙස අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වන බැවින්, ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම රජය සෘජුවම භාරගත යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
















