දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන (Electric) නව සංචාරක ප්‍රවාහන රථ 10ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. මෙම ප්‍රදානය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
සම්පූර්ණයෙන්ම රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම රථ ප්‍රදානය, උද්‍යානය තුළ දීර්ඝ කාලයක සිට පැවති ප්‍රවාහන අවශ්‍යතාවයක් සපුරාලීමක් ලෙස සැලකේ.
දිනපතා උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන විශාල සංඛ්‍යාවක් වූ දේශීය හා විදේශීය සංචාරකයන්ට, පරිසර හිතකාමී සේවාවක් ලෙස මෙම විද්‍යුත් රථ භාවිත කරමින් උද්‍යානයේ සෑම අංශයක්ම ඉතා පහසුවෙන් නැරඹීමට මේ හරහා අවස්ථාව හිමි වේ. විශේෂයෙන්ම වැඩිහිටි සහ ආබාධිත තත්ත්වයන්ගෙන් පසුවන සංචාරකයින්ට මෙය මහඟු පහසුවක් වනු ඇත.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ජයවීර මහත්මිය ඇතුළු එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
















