ත්‍රස්ත මර්ධන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පවසන්නේ සුරේෂ් සලේ යනු සාමාන්‍ය හමුදා නිලධාරියෙකු ලෙස නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වහලෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවයි.
સુරේෂ් සලේ මහතා සිදුකළ සෑම ක්‍රියාවක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අනුදැනුම මත සිදුවූවකි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසරයකින් තොරව ඔහු වැසිකිළියටවත් නොගිය බව පැවසූ ෆොන්සේකා මහතා, මෙහිදී සලේ මහතා මහ මොළකරුගේ පශ්චාත් භාගය ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ඔලුව ලෙසත් හඳුන්වා දුන්නේය. සෙසු රාජපක්ෂවරුන් ද මෙම ක්‍රියාවන් පිළිබඳව හොඳින් දැනුවත්ව සිටි බව ඔහු අවධාරණය කළේය.
එසේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පිරිස සමඟ සුරේෂ් සලේ මහතා සමීප සබඳතාවක් පැවැත්වූ බවට ද ෆොන්සේකා මහතා චෝදනා කරයි. යුද්ධයෙන් පසු කාලසීමාවේදී සහරාන් ඇතුළු දහස් ගණනකට බුද්ධි අංශ මඟින් පඩි ගෙවන ලද්දේ සලේ මහතා විසින් බවත්, එම ගනුදෙනු සියල්ල රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ඇතිව සිදුවූ බවත් ඔහු පැවසීය.
පසුගිය කාලයේ තමා අත්අඩංගුවට ගෙන මාස අටක් තිස්සේ කිසිදු නඩු හෝ චෝදනාවකින් තොරව රඳවා තබාගෙන හිරිහැර කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබාදුන්නේ සුරේෂ් සලේ ඇතුළු පිරිස බව හිටපු හමුදාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එසේම තමාගේ බිරිඳ සහ දියණියන් පවා ගුවන් තොටුපළේදී ප්‍රශ්න කරමින් දැඩි පීඩනයකට ලක්කළ බව ඔහු පෙන්වා දුන්නේය. තමාට සහ තම පවුලට සිදුකළ එම අසාධාරණයන්ට අද සලේ මහතාට මුහුණ දීමට සිදුව ඇත්තේ දිට්ඨධම්මවේදනීය කර්මය පලදීම නිසා බවත්, දැන් “සලේලාගේ වෙලාව” පැමිණ ඇති බවත් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















