රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක්, තමන් මුහුණ දෙන ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (08) රාත්‍රියේද ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිමින් සිය විරෝධතාවයේ නිරත වෙති.
මෙම උපාධිධාරීන් පිරිස අද දහවල් කාලයේදීද එම ස්ථානයේ දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. කෙසේ වෙතත්, එහිදී පවතින ගැටලුවට බලධාරීන්ගෙන් සාධාරණ හෝ ස්ථිරසාර විසඳුමක් නොලැබීම හේතුවෙන්, සිය ඉල්ලීම් දිනාගන්නා තෙක් විරෝධතාවය අත් නොහැර රාත්‍රී කාලයේදීද එම ස්ථානයේම රැඳී සිටීමට ඔවුන් තීරණය කර ඇත.
උපාධිධාරීන් පවසන්නේ තමන්ගේ වෘත්තීය සහ රැකියා ගැටලුවලට බලධාරීන් වහාම මැදිහත් වී ස්ථිර විසඳුමක් ලබා දිය යුතු බවයි. සාධාරණ පිළිතුරක් ලැබෙන තෙක් මෙම රාත්‍රී විරෝධතාවය අඛණ්ඩව ඉදිරියටම රැගෙන යන බවද ඔවුහු අවධාරණය කර සිටිති.
















