හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ දූෂණ නඩු හතරක තීන්දුව අද (09) කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
2006 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, එම ආයතනය සඳහා වාහන කුලී පදනම මත ලබා ගැනීම තුළින් රජයට මූල්‍ය අලාභයක් සිදු කළ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
මෙම නඩු තීන්දු මුලින්ම මැයි 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද, තීන්දු සූදානම් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා දැනුම් දීම හේතුවෙන් එම දිනය කල් තැබිණි. ඒ අනුව, අදාළ නඩු හතරේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (ජූනි 09) දිනය නියම විය. සරණ ගුණවර්ධන මහතා තමන්ට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
















