හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ දූෂණ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (09) කොළඹ මහාධිකරණයට පැමිණ සිටී.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට මූල්‍ය අලාභයක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩු හතර ගොනු කර ඇත. මීට පෙර මැයි 26 වන දින මෙම තීන්දු ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද, තීන්දු සූදානම් නොමැති බව විනිසුරු මොහොමඩ් මිහාල් මහතා දැනුම් දීම හේතුවෙන් එම දිනය අද (09) දක්වා කල් තැබිණි.
















