පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි, ශ්‍රී ලංකා පොලිසිය විසින් රට පුරා සිදු කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වේ. මෙම මෙහෙයුම්වල කොටසක් ලෙස කොට්ඨාස මට්ටමින් දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් සිදු කෙරේ.
එම මෙහෙයුම් යටතේ 2026 ජූනි 08 වන දින වාර්තා වූ දත්ත අනුව අත්අඩංගුවට ගත් සහ පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාලේඛන පහත දැක්වේ:
පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් ගණන – 28,295
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 619
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් පුද්ගලයින් ගණන – 13
අත්අඩංගුවට ගත් දින වරෙන්තුකරුවන් ගණන – 257
අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන – 140
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් – 70
අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් – 130
රථවාහන වැරදි ගණන – 4,241
















