ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ වත්මන් රජය ඇති කරගෙන තිබෙන විවිධ එකඟතාවන් සහ කොන්දේසි, මෙරට ස්වෛරී මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සෘජුවම බලපෑම් එල්ල කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය. මෙම ආයතන සමඟ සිදුකරන ගනුදෙනුවලදී පාරදෘශ්‍යභාවය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පූර්ණ බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුව වෙත බැවින්, ජාත්‍යන්තර ආයතන සමඟ ඇති කරගන්නා සියලුම එකඟතා සභාවට ඉදිරිපත් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. එම නිසා, රටේ මූල්‍ය කළමනාකරණය සහ තීරණ ගැනීම් සම්බන්ධයෙන් දැනට පවතින පාර්ලිමේන්තු අධීක්ෂණ ක්‍රියාවලිය (Parliamentary Oversight) සහ මහජන වගකීම තවදුරටත් විධිමත් කරමින් ශක්තිමත් කිරීමට රජය බලාපොරොත්තු වන පියවර මොනවාදැයි විපක්ෂ නායකවරයා මෙහිදී රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල කොන්දේසි හමුවේ දේශීය ආර්ථිකය සහ ජන ජීවිතය තීරණාත්මක කඩාවැටීමකට ලක්වීමට ඉඩ නොතබා, සියලුම මූල්‍ය තීන්දු තීරණ මහජනතාවට විවෘත, වගකීම් සහගත වටපිටාවක් තුළ ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















