හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී පසුගියදා අනතුරට පත් වූ අමෙරිකානු ‘Apache’ ප්‍රහාරක හෙලිකොප්ටර් යානය තාක්ෂණික දෝෂයකින් නොව, ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් බිම හෙළන ලද්දක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. මීට එරෙහිව දැඩි මිලිටරි ප්‍රතිප්‍රහාරයක් අනිවාර්යයෙන්ම දියත් කරන බව ඔහු සපථ කර තිබේ.
යානයේ සිටි නියමුවන් දෙදෙනා අමෙරිකානු නාවික හමුදාවේ සන්නද්ධ මුහුදු ඩ්‍රෝන යානයක් මඟින් නිරුපද්‍රිතව බේරාගෙන ඇත.
දෙරට අතර ස්ථිර සාම ගිවිසුමකට එළඹීමට සූදානමින් සිටි පසුබිමක මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබෆ් අනතුරු අඟවන්නේ ඇමරිකාව ගිවිසුම් කඩකළහොත් ඊට දැඩිව මුහුණ දීමට තමන් සූදානම් බවයි.
















