වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අද (10) පෙරවරු 9.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
මෙම ජල කප්පාදුව හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි. මේ පිළිබඳව වැඩිදුර විස්තර 1939 යන කෙටි අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.
















