ගුරු බඳවා ගැනීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නව තීරණයක් නිවේදනය කර තිබේ. ඒ අනුව, ඉදිරියේදී පත්වීම් ලබා දෙන ගුරුවරුන්, පත්වීම් ලැබූ පාසලේම අවම වශයෙන් වසර 5ක කාලයක් අනිවාර්යයෙන්ම සේවය කළ යුතු බව ඇය අවධාරණය කරයි.
ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මෙම කරුණු අනාවරණය කළේ වතු ආශ්‍රිත පාසල්වල පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමිනි.
දිට්වා සුළි කුණාටුවෙන් පාසල්වලට වූ හානි පිළිබඳ විමර්ශනයක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වතු ආශ්‍රිත පාසල් රැසකට බරපතළ හානි සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ පාසල්වල වත්මන් තත්ත්වය සහ ඒවායේ හානිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස ඇය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
වතු ආශ්‍රිත පාසල්වල අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට සහ ගුරු හිඟය වැනි ගැටලු විසඳීම සඳහා මෙම නව බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ සේවා කොන්දේසි ඉවහල් වනු ඇති බව රජයේ අපේක්ෂාවයි.
















