පෑලියගොඩ පොලිස් වසමේ, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම ආසන්නයේදී ඊයේ (09) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පදිකයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පදිකයා මියගොස් ඇත.
මියගිය පුද්ගලයා 69 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















