රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ පසුවන කාලසීමාව තුළ වද හිංසාවලට ලක්වී තිබේ දැයි පරීක්ෂා කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබා දුන් අතර, අදාළ වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙස නියෝග කර තිබේ. මෙම වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව අදාළ වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















