රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අත්අඩංගුවේදී අමානුෂික සහ කෘෘර ලෙස සැලකීමට එරෙහිව පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබේ.
මෙම සත්‍යග්‍රහය පසුගිය ජූනි 08 වනදා කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලැබීය. කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය සහ අධිකරණමය ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමට සංවිධායකයින් තීරණය කර ඇත.
















