ලෝක මලල ක්‍රීඩා සංගමය (World Athletics) විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ (Javelin Throw) ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග ලොව 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් සුවිශේෂී ජාත්‍යන්තර ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.
මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1324ක් හිමිකර ගැනීමට සමත්ව ඇත.
හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ දිනා ගැනීමට ජර්මනු ක්‍රීඩකයෙකු සමත්ව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 1360ක් ලබා ගනිමිනි. එමෙන්ම එහි දෙවන ස්ථානයේ පසුවන ක්‍රීඩකයා ශ්‍රේණිගත ලකුණු 1326ක් හිමිකරගෙන සිටින අතර, රුමේෂ් තරංග දෙවැනි ස්ථානයට වඩා ලකුණු 2ක් පමණක් පිටුපසින් සිටීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය රන් අකුරින් සනිටුහන් කරමින් රුමේෂ් තරංග තැබූ මෙම ජාත්‍යන්තර පියවර සමස්ත ලංකාවටම ඉමහත් ආඩම්බරයකි.
















