• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔබ දිනපතා භාවිත කරන ආහාර බහාලුම් ඔබේ සෞඛ්‍යයට වස විසක්ද?

11 June 2026
in දේශීය, පුවත්
සියම් මහා නිකායේ 273 වැනි  උපසම්පදා සංවත්සරය සැමරීමට  සියම් දහම් පාද යාත්‍රාව’ දෙවන වරටත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආහාර සකස් කිරීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා බහුලව භාවිත කරන ප්ලාස්ටික් අඩංගු ආහාර බහාලුම් සහ ඇසුරුම් මගින් මිනිස් සිරුරට විවිධ බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දනී විතාන මහත්මිය අනතුරු අඟවයි.
ජූනි 7 වැනි දිනට යෙදුණු ලෝක ආහාර සුරක්ෂිතතා දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, එදිනෙදා ජීවිතයේදී බහුලව භාවිත කරන ජල බෝතල්, දහවල් ආහාර පෙට්ටි සහ රැගෙන යන ආහාර ඇසුරුම් වැනි ප්ලාස්ටික් නිෂ්පාදන මගින් පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සහ බිස්ෆෙනෝල්-ඒ (BPA) වැනි විෂ රසායනික ද්‍රව්‍ය ආහාර සහ පාන වර්ග හරහා සිරුරට ඇතුළු විය හැකි බවයි.
මෙලෙස සිරුරට ඇතුළු වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ආහාර සහ පාන වර්ග හරහා සිරුරට ඇතුළු වී ක්‍රමයෙන් මොළය, අක්මාව සහ වකුගඩු වැනි ප්‍රධාන අවයවවල තැන්පත් විය හැකිය. කාලයත් සමඟ මෙම විෂ ද්‍රව්‍ය රුධිර සංසරණ පද්ධතිය හරහා ගමන් කර වැදගත් අවයවවල තැන්පත් වී ඒවායේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි බව ඇය පැවසුවාය. තවද, රුධිරයේ සංසරණය වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු රුධිර නාල අවහිර වීමට දායක විය හැකි අතර, එමගින් හෘදයාබාධ ඇතුළු හෘද වාහිනී රෝග වැළඳීමේ අවදානම වැඩි වේ.
ප්ලාස්ටික්වල අඩංගු BPA වැනි රසායනික ද්‍රව්‍ය ශරීරයේ හෝමෝන සමතුලිතතාවය බිඳ දමමින් හෝමෝන ආශ්‍රිත ආබාධ සහ සරුභාවය අඩු වීම ඇතුළු ප්‍රජනන සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බව වෛද්‍ය විතාන මහත්මිය පෙන්වා දෙයි. මෙවැනි ද්‍රව්‍යවලට දිගුකාලීනව නිරාවරණය වීමෙන් බෝ නොවන රෝග සහ නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම ඇතැම් පිළිකා වර්ග වැළඳීමේ අවදානම ද වැඩි විය හැකි බව ඇය අනතුරු අඟවයි.
ආහාර සුරක්ෂිතතාව යනු හුදෙක් ආහාරවල ගුණාත්මකභාවය පමණක් නොව, ඒවා සකස් කරන, ගබඩා කරන සහ ප්‍රවාහනය කරන ද්‍රව්‍යවල ආරක්ෂාව ද සම්බන්ධ බව ඇය අවධාරණය කළාය. මේ නිසා මහජනතාව මැටි බඳුන්, මල නොබැඳෙන වානේ (Stainless steel) උපකරණ සහ වීදුරු බහාලුම් වැනි ආරක්ෂිත විකල්ප භාවිතයට යොමු විය යුතුය. පිළිගත් ආරක්ෂිත ප්‍රමිතීන්වලට අනුකූල ‘ආහාර ශ්‍රේණියේ’ (Food-grade) ප්ලාස්ටික් නිෂ්පාදන පමණක් භාවිත කළ යුතු බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 5
Previous Post

පාසල් සහ රජයේ කාර්යාලවල ඩෙංගු අවදානම ඉහළට

Next Post

ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය සාම දර්ශකයේ  ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට

ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved