ඉරානය විසින් දියත් කරන ලද ප්‍රහාර මාලාවකින් පසු, කුවේට් රාජ්‍යය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හදිසි ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කුවේට් වෙත ගමන් කිරීමට තිබූ ගුවන් යානා වෙනත් ගුවන් තොටුපළවල් වෙත හරවා යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. කලාපයේ උද්ගතව ඇති මෙම නොසන්සුන්තාව තවත් උත්සන්න කරමින්, අද අලුයම කුවේට් සහ බහරේනයේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් ප්‍රකාශ කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය ගුවන් ගමන් සහ කලාපීය ආරක්ෂාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.
















