ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම දත්ත වාර්තා අනුව, ජුනි මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 27,043ක් වේ. ඉන් වැඩිම පිරිසක් එනම් 42%ක ප්‍රමාණයක් (සංචාරකයන් 11,216ක්) ඉන්දියාවෙන් පැමිණි අය වන අතර, එක්සත් රාජධානියෙන් 1,938ක්, ඕස්ට්‍රේලියාවෙන් 1,562ක්, චීනයෙන් 1,496ක් සහ බංග්ලාදේශයෙන් 1,241ක් වශයෙන් ජුනි මාසයේ මෙරට සංචාරය කර ඇත.
2025 වසරේ ජුනි මාසය තුළ සමස්ත සංචාරක පැමිණීම් 138,241ක් ලෙස වාර්තා විය. මේ අතර, ජුනි මාසයේ නවතම සංඛ්‍යාලේඛන සමඟ 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,049,065 දක්වා ඉහළ ගොස් ඇත.
එම සමස්ත සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයන් 261,476ක් වන අතර, එක්සත් රාජධානියෙන් පැමිණි 100,031ක් සහ රුසියාවෙන් පැමිණි 76,628ක් වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
















