අදට (ජූනි 11) යෙදෙන ජාත්‍යන්තර සෙල්ලම් දිනය වෙනුවෙන් කුරුණෑගල සකුරා පෙරපාසල් පරිශ්‍රයේදී විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.
“දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඒ ඔවුන්ගේ භාෂාවයි. සෙල්ලමින් පිරි ළමාවියක් හෙට ලෝකය ලස්සන කරයි!” යන තේමාව පෙරදැරි කරගනිමින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ සතුට වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් රැසක් මෙහිදී ක්‍රියාත්මක විය. දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය උදෙසා සෙල්ලම කෙතරම් වැදගත් දැයි සිහිපත් කරමින් මෙම දිනය ඉතා උත්සවාකාරයෙන් සැමරීය.















