මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 08කට අයත් පාසල් 14ක් සඳහා නව විදුහල්පතිවරුන් පත් කරමින් ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (10) මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි.
මහනුවර, දෙනුවර, තෙල්දෙණිය, කටුගස්තොට, වත්තේගම, කොත්මලේ, හැටන් සහ නුවරඑළිය යන අධ්‍යාපන කලාපවලට අයත් 1සී, 2 සහ 3 වර්ගයන්ට අයත් පාසල් සඳහා මෙම නව විදුහල්පතිවරුන් පත් කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන යන මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන් සහ නව පත්වීම් ලැබූ විදුහල්පතිවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.
















