අනුරාධපුර පුදබිම ආශ‍්‍රිතව සිදුව ඇතැයි කියන අපචාර චෝදනාවක් කරළියට පැමිණි දිනවලම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය තිලකරත්න නැමැත්තා විසින් සිදුකල බව කියන නොපනත්කම්වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් කරළියට ආවේ දෛවෝපගත ලෙසය.
එම පීඨයේම සිදුවූ බව කියන තවත් එවැනි අවකල් ක‍්‍රියාවක තොරතුරු අප වෙත වාර්ථා වී තිබෙන අතර නුදුරේදීම එකී පිලිකුල් සහගත කථාව සාක්‍ෂි සහිතව ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරනු ලැබේ.
නාරිමාංශයට ලොල් වූ මෙම තක්කඩියා සුදු පිරුවට හැද අන්‍යයයන්ට සුචරිතයේ සරණ හැටි කියා දෙමින් විශ්වවිද්‍යාල පරිපාලනයේ ඉහල පුටුවක අරක්ගෙන සිටින බව පමණක් මේ අවස්ථාවේදී හෙලිදරව් කිරීමට කැමැත්තෙමු.
මහත්වරුණි ! ශ‍්‍රී ලංකාව තුල තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙසට පිළිගෙන තිබේ. භාෂණයේ ප‍්‍රකාශනයේ සහ අදහස් පලකිර්ීමේ නිදහසද මූලික අයිතියක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.මෙම අයිතීන් තමන්ට හිමි බව ජනතාව මනාව අවබෝධ කරගත් දාට නුඹලා සුදු පිරුවට වලට මුවාවී සිදුකරන තක්කඩි වැඩ නිරාවරණය කරමින් එකී පිරුවට සුළගට ගසාගෙන යනු ඇත.
















