ශ්‍රී ලංකාවේ මල් සහ තෑගි සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Lassana.com, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand Colombo) හෝටල් පරිශ්‍රයේ සිය නවතම සුඛෝපභෝගී මල් ප්‍රදර්ශනාගාරය අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී.
මෙම සුවිශේෂී උත්සවය කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ 2025 ලෝක රූ රැජින කිරුළ සඳහා හිටපු ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනෙවිය විසින් සුබ මොහොතින් සිදු කරන ලදී. ලස්සන සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා, එහි මල් අංශයේ ප්‍රධානී පීට් ඩි ජොන්ග් මහතා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී නසූමි අස්හර් මහතා ඇතුළු ක්ෂේත්රයේ ප්‍රමුඛයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා සිනමන් ග්‍රෑන්ඩ් වැනි කීර්තිමත් ආගන්තුක සත්කාරක සන්නාමයක් සමඟ අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින්ට ඉහළ මට්ටමේ සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දීම අරමුණයි. නැවුම් මල්, සිත් ඇදගන්නා මල් කළඹවල් සහ විශේෂ අවස්ථා සඳහා අවශ්‍ය තෑගි විසඳුම් එකම තැනකින් ලබා ගැනීමට මෙහිදී හැකි වේ. විශේෂ ප්‍රවාහන පහසුකම් යටතේ කොළඹ 1 සිට 4 දක්වා ප්‍රදේශවලට පරිසර හිතකාමී විද්‍යුත් වාහන භාවිතයෙන් මල් සහ ප්‍රණීත ආහාර නොමිලේ ප්‍රවාහනය කර දීමට ද කටයුතු යොදා ඇත. මීට අමතරව පාරිභෝගිකයින්ට වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමේ පහසුකම ද පවතී.
ලස්සන සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවේ විශාලතම මල් සහ තෑගි පද්ධතිය ගොඩනැගීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී නසූමි අස්හර් මහතා පවසන්නේ, මෙම සහයෝගිතාව හරහා අමුත්තන්ගේ අත්දැකීම් තවදුරටත් වර්ණවත් කරන බවත්, අමතක නොවන සුන්දර මතකයන් දායාද කිරීමට අපේක්ෂා කරන බවත්ය. සිය වෙළෙඳ ජාලය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ අනාගත දැක්මෙන් යුත් Lassana.com, නිරන්තරයෙන් නව්‍යකරණයෙන් සපිරි සේවාවන් පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට කටයුතු කරයි.
















