පාසල් සිසුන් සඳහා ලබාදෙන දිවා ආහාරය විෂ වීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන පස්වන ශ්‍රේණියේ සිසුන් විස්සකට ආසන්න පිරිසක් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ සපයන ලද ආහාර වේල පාසල තුළදී ලබාගැනීමෙන් අනතුරුව දරුවන්ට රෝගී තත්ත්වයන් මතු වී ඇති බව වාර්තා වේ. දරුවන් හදිසියේ අසනීප වීමත් සමඟ විදුහල තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන තිබුණි.
රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසල් බලධාරීන් සහ සෞඛ්‍ය අංශ විසින් මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සිසුන්ට ලබා දුන් ආහාර සාම්පල සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකෙරේ.
















