ශ්‍රී ලංකාව තුළ වෙසෙන පාද ආබාධිත තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින් ඔවුන්ට ස්වාධීනව නැගී සිටීමට අත්වැලක් සැපයීම වෙනුවෙන් “කෘත්‍රිම පාද 500ක් නොමිලේ” (500 Artificial Limbs Free of Charge) ලබාදීමේ විශේෂ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය (All Ceylon Buddhist Congress – ACBC) විසින් සංවිධානය කර තිබේ. ජාතික සමාජ සේවා මණ්ඩලයේ නිල ව්‍යාපෘතියක් (National Council for Social Services Project) ලෙස ක්‍රියාවට නැංවෙන මෙම උදාර පුණ්‍යකර්මය සඳහා ඉන්දියාවේ සුප්‍රකට ‘සුරනා’ සහ ‘ජායිපූර්’ (Surana & Jaipur Organizations) යන සංවිධානවල පූර්ණ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය හිමිව ඇත.
මෙම නොමිලේ කෘත්‍රිම පාද ලබාගැනීමේ අනගි අවස්ථාව මෙරට ඕනෑම ප්‍රදේශයක වෙසෙන, පාද අහිමි වී අපහසුතාවයට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විවෘතව පවතී. මේ සඳහා ලියාපදිංචි වීමට හෝ වැඩිදුර තොරතුරු ලබාගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිලාභීන් විසින් තමන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ඇතුළත් විස්තර කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.
අයදුම්පත් සහ සෘජු සන්නිවේදන තොරතුරු:
– WhatsApp අංකය: 0718645554
– අංක 380, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් පීඩා විඳින මෙරට අසරණ ජනතාවට නව ජීවනයක් ලබාදීම උදෙසා ක්‍රියාත්මක මෙම උදාර ව්‍යාපෘතිය පිළිබඳව ඔබ දන්නා හඳුනන, මෙවැනි උදව්වක් අත්‍යවශ්‍යම පුද්ගලයන් වෙත කඩිනමින් දැනුම් දී ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට දායක වන ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
















