ඉන්දියාවේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සඳහා සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉන්දීය යොවුන් කණ්ඩායම සමඟ විස්සයි20 තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගී වීමට නියමිතය.
තරග කාලසටහන පහත පරිදි වේ:
විස්සයි20 තරග: ජූනි 22, 24 සහ 27 යන දිනවල චෙන්නායිහිදී පැවැත්වේ.
එක්දින තරග: ජූනි 30 සහ ජූලි 03 සහ 06 යන දිනවල පොන්ඩිචෙරිහිදී පැවැත්වේ.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ චමුදි ප්‍රබෝධා විසිනි. සංචිතයේ උප නායිකාව ලෙස සංජනා කවින්දි පත් කර ඇත.
















