ඊයේ (10) සවස ගාලුමුවදොර මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගසාගෙන ගිය සිසුවාගේ සිරුර අද (11) දහවල් එම මුහුදු තීරයට ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇත.
පසුගිය දින සවස මාලිගාවත්ත ප්‍රදේශයේ දරුවන් පිරිසක් ගාලුමුවදොර මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියඹට ගසාගෙන යාමේ සිද්ධියක් වාර්තා විය. එම අවස්ථාවේදී දරුවන් කිහිප දෙනෙකු බේරා ගැනීමට හැකි වුවත්, එකී සිසුවා අතුරුදන් වී තිබුණි.
අතුරුදන් වූ දරුවා සොයා ඊයේ සිටම මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර, අද දහවල් කාලයේදී ඔහුගේ සිරුර මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇත. මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇතුළු ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.
















