අමෙරිකා එක්සත් ජනපදය අද රාත්‍රියේ ඉරානයට එරෙහිව ඉතා ප්‍රබල මිලිටරි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉරානය මුහුණ දී සිටින මෙම දැඩි යුදමය තර්ජනයත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම අතිශය ඉහළ ගොස් ඇත.
ඉරානයේ නාවික, ගුවන් සහ ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු ආරක්ෂක ව්‍යුහයන් රැසක් මේ වන විටත් විනාශ කර ඇති බව පවසන ජනාධිපති ට්‍රම්ප්, නුදුරු අනාගතයේදීම ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත (Kharg Island) ඇතුළු අනෙකුත් තෙල් සහ ගෑස් යටිතල පහසුකම් පවතින උපායමාර්ගික ස්ථානවල සම්පූර්ණ පාලනය තමන් සතු කරගන්නා බවට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















