එක්සත් ජාතික පක්ෂයේ (UNP) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවැත්විණි. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වය, පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වී තිබේ.
මෙහිදී රැස්වීම අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, තනි තනිව කටයුතු කිරීම වෙනුවට විවිධ දේශපාලන බලවේග, පක්ෂ සහ සිවිල් සංවිධාන එක් කරගනිමින් ඉදිරි දේශපාලන අභියෝගවලට පොදුවේ මුහුණදීමේ අවශ්‍යතාවයයි. මේ අතර පක්ෂයේ විනය නීති රීතිවලට පටහැනිව කටයුතු කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත කරුණු වාර්තා කරනු ලැබීය.
















