විපක්ෂයෙන් ඉගෙන ගැනීමට ජාතික ජන බලවේගයට (මාලිමාවට) යම් දෙයක් තිබේනම් ඒ සඳහා රාත්‍රී පන්තියක් පවත්වන ලෙසත්, ඊට තමන් ඇතුළු මාලිමා මන්ත්‍රීවරුන් පැමිණීමට සූදානම් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ ආරච්චි මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් මන්ත්‍රීවරයා සිනහමුසු මුහුණින් යුතුව සඳහන් කළේ, “අපිට දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් රෑ පන්තියක් හරි දාන්න. අපි එනවා ඉගෙනගන්න. අපි හර්ෂ ද සිල්වාගෙන් ඉගෙන ගන්න කැමතියි. කබීර් හෂීම්ලාගෙන් ඉගෙන ගන්න අපි කැමතියි. දාන්න රෑ පන්තියක්… අපි එනවා” යනුවෙනි. කෙසේ නමුත්, විපක්ෂයට එලෙස අභියෝග කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ සැබවින්ම වත්මන් ආණ්ඩුවට විපක්ෂයෙන් ඉගෙන ගැනීමට කිසිදු දෙයක් නොමැති බවයි.
















