අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා ඊනියා ‘කුණු විකාශන’ (Trash Streaming) තහනම් කිරීමට පෝලන්ත පාර්ලිමේන්තුව අද (11) පියවර ගෙන තිබේ. ඒ අනුව ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, සතුන්ට වධහිංසා පැමිණවීම් සහ පුද්ගලයන් අපහසුතාවයට හා අවමානයට ලක්කිරීමේ අරමුණින් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා අන්තර්ජාලය ඔස්සේ සජීවීව (Live Stream) විකාශය කරන පුද්ගලයන්ට වසර 5ක් දක්වා සිරදඬුවම් නියම කිරීමට පෝලන්ත මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කර ඇත.
අන්තර්ජාල අන්තර්ගතයන් (Online Content) නියාමනය කිරීම සඳහා පෝලන්ත රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම නව නීති හඳුන්වා දී තිබේ. මීට අමතරව, පාසල් තුළ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට සහ අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවිවලට (Pornography) පිවිසීමේදී වයස තහවුරු කිරීමේ දැඩි නීති රීති හඳුන්වා දීමට ද පෝලන්තය මෑතකදී පියවර ගෙන තිබුණි.
















