ජාතික ජන බලවේග ආණ්ඩුව බලයේ නොතිබුණේ නම් මේ රටේ ජනතාවට බඩගින්නේ මියයන්නට සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල විවිධ බරපතළ අර්බුද හටගෙන ඇති බවත්, එම ලෝක අර්බුද ඇතිවන්නේ රජයක පාලනයෙන් තොර බාහිර හේතූන් මත බවත්ය. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් පවතින දැඩි යුද වාතාවරණය හේතුවෙන් රටවල් රැසක ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකාවට ද එම ගෝලීය තත්ත්වයේ සෘජු බලපෑමට හා පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවත් ජගත් මනුවර්ණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















